බස් රියැදුරෝ අද රෑ සිට වැඩ නෑ

  👤  1594 readers have read this article !
Published by : MB WEB 2018-08-15 11:45:52

මහා මාර්ගවලට අදාළව රජය විසින් පසුගියදා හඳුන්වා දුන් 'දඩ ගාස්තු' ක්‍රමය නිසා මුහුණදීමට සිදුව ඇති අසීරුතා හේතුවෙන් ඊට විරෝධය පළ කිරීම සඳහා අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය තීරණය කර තිබේ.

මෙම වර්ජනයට ඛනිජ තෙල් බවුසර් රියැදුරන්ගේත්, කන්ටේනර් රථරියැදුරන්ගේ මෙන්ම කොළඹ නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් සහාය ලැබෙන බව එම සංගමයේ සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක මහතා සඳහන් කරයි.

දඩ ගාස්තු ඉහළ දැමීම නිසා රියැදුරන් අපහසුතාවට පත්ව ඇති බැවින් 'රියැදුරු වෘත්තිය අනතුරේ' මැයින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ වර්ජනයට සියලුම රියැදුරන් සහාය දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කුමාරරත්න රේණුක මහතා සඳහන් කළේය.
මෙම වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වල සබඳතාවක් නොමැති බව ඔහු පැවැසුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon