තිත්තගෝනෑව ග්‍රාමීය රෝහලට ‍ෙදාස්තර එන්නේ යලට-මහට

  👤  1735 readers have read this article !
Published by : MB WEB 2018-08-16 08:59:29

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය

කැබිතිගොල්ලෑව, තිත්තගෝනෑව ග්‍රාමීය රෝහල නමට පමණක් සීමාවූ ගොඩනැඟිල්ලක් බව ගම්වාසීහු පවසති.

'බාලගිරි දෝෂය අද නොවේ හෙට' කියන කියමන වෙනස් කරලා අපේ ඉස්පිරිතාලේ ගේට්ටුවේ ලියලා එල්ලන්න ඕන 'දාස්තර අද නොවේ හෙට' කියලා යනුවෙන් තිත්තගෝනෑවේ ඒ. පියසේන ගොවි මහතා (67) පැවැසීය.

කැබිතිගොල්ලෑව, තිත්තගෝනෑව රෝහල ආරම්භ කර ඇත්තේ 1950 වර්ෂයේය. එවකට මෙම රෝහලෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව ප්‍රතිකාර ලබා ගත්හ. අද වන විට ග්‍රාමීය රෝහලේ ක්‍රියා පටිපාටිය මන්දගාමී වී ඇත.

ශ්‍රී සුදර්ශනාරාමාධිපති පී. විමලසාර හිමි: මේ රෝහලට ‍ෙදාස්තර මහත්තයෙක් නෑ. කැබිතිගොල්ලෑව ඉඳලා එක මහත්තයෙක් එනවා. පැය දෙක තුනක් බෙහෙත් දීලා රෝහල වහලා යනවා. එන දවසක් වේලාවක් කවුරුවත් දන්නේ නෑ. ලෙඩ්ඩු උදේ ඇවිල්ලා ඉඳලා ඉඳලා අදත් ‍ෙදාස්තර එන පාටක් නෑ කියලා කෙඳිරි ගගා ආපසු යනවා. සතියකට දින දෙක තුනයි ‍ෙදාස්තර එන්නේ.

මේ රෝහලට බෙහෙත් ගන්න දවසකට 25-30ක් පමණ රෝගීන් එනවා. ඇටවීරවැව, කුරුලුගම, අලගොල්ලෑව, තාමරවැව, නබඩවැව, තිත්තගෝනෑව, කටුවරගොලෑව, අලපත්තෑව, තම්මැන්නාව, මාවතවැව යන මිනිස්සු දැන් යන්නේ කැබිතිගොල්ලෑව රෝහලටයි. මේ රෝහල ගැන මිනිසුන්ට සත පහක විස්වාසයක් නෑ යැයි කේ. දිනපාල මහතා පැවැසීය.

රෝහල වැඩි දියුණු කිරීමේ අරමුණින් අවුරුදු ගාණකට උඩදී ගර්භණී වාට්ටුවක් හා පවුල් සේවිකා නිල නිවෙසක් ඉදිකර ඇතත්, ඒවා ගරා වැටෙමින් පවතී. මේ විනාශය රාජ්‍ය දේපොළ විනාශවීමක් බව නිලධාරීන් දන්නවා. ඒත් නිලධාරීන්ට තෙමිච්ච බල්ලට හීන නෑ කිව්වා වගේ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව විනාශ වෙන්නම ඇරලා ඉන්නවා යැයි නබඩවැව කුමාර මහතා කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon