කැලණිය - පෑලියගොඩ - වත්තල -බියගම ප්‍රදේශවල හෙට පැය 18ක් වතුර කපයි

  👤  1691 readers have read this article !
Published by : MB WEB 2018-08-16 11:02:30

කැලණිය, පෑලියගොඩ, වත්තල හා බියගම යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ප්‍රදේශ රැසකට ජල සැපයුම හෙට (17දා) පෙරවරු 9 සිට පැය 18ක කාලයක් අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

පල්ලියකන්ද ජලාශයේ සිට කැලණිය, වත්තල යන ප්‍රදේශවලට ජලය බෙදා හරින ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයෙහි දැක්වේ.

කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල/ මාබෝල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, ගෝනවල පාර, මගුරුවිල පාර, විජයරාම පාර හා බොල්ලෑගල යන ප්‍රදේශවලට 17 වැනිදා (සිකුරාදා) පෙරවරු 9 සිට 18 වැනිදා (සෙනසුරාදා) අලුයම 3.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ සඳහන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon