නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගැනේ

  👤  1714 readers have read this article !
Published by : MB WEB 2018-08-19 11:50:02

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ(18) උදෑසන කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 08 ක් දුරින් පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගෙන ඇත.

එම කේරළ ගංජා තොගය ඇසුරුම් 39 ක බහා තිබී ඇති අතර, විකිණීම සඳහා මෙලෙස මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ. එම ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon