කැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි කරුන්ට මහල් නිවාස ලබාදීමට ඉඩම් වෙන් කිරීමට පියවර
කැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි අනවසර පදිංචිකරුවන් සඳහා විසඳුමක් ලෙස මහල් නිවාස ලබාදීමට සුදුසු ඉඩම් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර කැලණි ගඟ වේල්ල ආරක්ෂා කර ගැනීම ප්රමුඛ අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.
වේල්ල ඇතුළත රක්ෂිතයෙහි අනවසර පදිංචිකරුවන් හට විකල්ප ස්ථානයන්හි පදිංචි කරවීමට සුදුසු ඉඩම් වෙන් කිරීම සඳහා, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යෝග්‍යතා වාර්තාවක් සකස් කොට ඇත. කැලණි ගඟ වේල්ල ඇතුළත හා ගඟ ආශ්‍රිතව නිවාස 1033ක් පවතින අතර මින් අනවසර නිවාස 588ක් වන බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි ද දිසාපතිවරයා සඳහන් කළේය.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇති ආකාරයට කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි කැලණි ගඟ වේල්ල ඇතුළත සහ ගඟ ආශ්‍රිතව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මේ වන විට නිවාස ඉදිකොට ඇත්තේ කැලණිය, සිංහාරමුල්ල, පිලපිටිය, මෑවැල්ල, පෙතියගොඩ,පට්ටිය නැගෙනහිර, පට්ටිය බටහිර, පට්ටිය උතුර, පෑලියගොඩ ගඟබඩ සහ පෑලියගොඩ වත්ත යන ප්රදේශයන්ය.
එම වාර්තාවට අනුව ගඟෙහි වේල්ල ඇතුළත පදිංචිකරුවන් වෙනුවෙන් ලබා දිය හැකි වඩාත් උචිත විසඳුම් ලෙස යෝජනා කොට ඇත්තේ දැනට වතු නිවාස ලෙස පවතින භූමියන්හි මහල් නිවාස ඉදිකිරීම සුදුසු වන බවය.
මේ සඳහා කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි වඩාත් යෝග්‍ය රජයේ විවිධ දෙපාර්තමේන්තු හා අධිකාරී සතු ඉඩම් කිහිපයක් පිළිබඳ ව පෙන්වා දී ඇත. මේ අනුව අංක 263බී සිංහාරමුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමෙහි අත්කම් නිවාස ඉඩමෙන් අක්කර 1 රූඩ් 1ක්, අංක 174 පෑලියගොඩ ගඟ බඩ වසමෙහි නෙල්ලිගහ වත්ත අක්කර 4 රූඩ් 3ක් සහ අංක 174බී ගඟබඩ නැගෙනහිර වසමෙහි පෝරණුව කොටුව වත්ත ඉඩමෙන් අක්කර 15ක් යොදා ගත හැකි බව ද එම වාර්තාව මගින් යෝජනා කොට තිබේ.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20