ලොව ලොකුම ස්ට්‍රෝබෙරි පීසාව නුවරඑළියේදී හැදෙයි පීසාවේ බර කිලෝ 1,400යි
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදීන් ඇතුළු සේවක මණ්ඩලය එක්ව ලෝකයේ ලොකුම අතුරුපස පීසාව නිපදවා එය පිළිගැන්වීම ඉකුත්දා එම හෝටලයේදී සිදු කෙරිණි.
මෙම ස්ට්‍රෝබෙරි අතුරුපස පීසාව සඳහා ස්ට්‍රෝබෙරි කිලෝග්‍රෑම් 200ක් උපයෝගී කරගෙන තිබූ අතර එය නිපදවීම සඳහා උපයෝගී කරගත් අනෙකුත් ද්‍රව්‍ය සමඟ මුළු පීසාවේ බර කිලෝ 1400කි.
මෙම ස්ට්‍රෝබෙරි පීසාව හයදහසකට අනුභව කළ හැකි බව එය නිපදවූ සූපවේදීහු පැවැසූහ.
පීසාවේ විශ්කම්භය අඩි 25ක් සහ උස අඟල් 6කින් යුක්ත විය. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලේ ප්‍රධාන සූපවේදීන් වන ප්‍රියන්ත වීරසිංහ සහ විරාජ් ජයරත්න යන මහත්වරුන් සහ එහි සේවකයන් 100 දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම ස්ට්‍රෝබෙරි පීසාව නිෂ්පාදනය කර ඇත.
පීසාව එළිදැක්වීමේ අවස්ථාවට සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක, නුවරඑළිය මහ නගර සභාවේ සභාපති චන්දන ලාල් කරුණාරත්න යන මහත්වරු සහභාගි වූහ.
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී රිසාන් රසීම් මහතාගේ උපදෙස් මත මෙම පීසාව නිර්මාණය කර ඇත. නුවරඑළියේ පමණක් වැවෙන ස්ට්‍රෝබෙරි වගාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ නුවරඑළිය ප්‍රදේශයේ ස්ට්‍රෝබෙරි වගාකරුවන් දිරිගැන්වීම මෙම පීසාව නිර්මාණය කිරීම තුළින් අවස්ථාව ලැබෙන බව නුවරඑළිය මහ නගර සභාවේ සභාපති චන්දන ලාල් කරුණාරත්න මහතා කීය.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24