දුම්රිය ගාස්තු නඟී

  👤  1491 readers have read this article !
Published by : MB WEB 2018-08-20 10:53:36

ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ නංවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. සෙසු ප්‍රවාහන මාධ්‍යවල අය කරන ගාස්තුවලට සාපේක්ෂව මෙය අවම ප්‍රතිශතයක් බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ අඩුම ගාස්තු අය කරන දුම්රිය දෙපාර්තමේන්තුව වසර 8කින් දුම්රිය ගාස්තු ඉහළ නංවා නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට රුපියල් කෝටි 770ක් පාඩු ලැබුවද ලක්ෂ 5ක් පමණ වූ දෛනික දුම්රිය මගීන්ට යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමට රජය කටයුතු කරන බවත් ලබන වසර වනවිට නව දුම්රිය එන්ජින් 12ක්, මැදිරි 150ක් සහ බලවේග කට්ටල 12ක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon