ගෝල් චිත්‍රපටයේ ෆුට් බෝලෙන් වැඩ පෙන්නපු කවුද මේ ඩේවිඩ්

  👤  2707 readers have read this article !
Published by : MB WEB 2018-08-21 10:25:03

නම - ඩේවිඩ් කරුණාරත්න

වයස - අවුරුදු දහහතරයි
පාසල - මරදාන ශාන්ත ජෝෂප්
විද්‍යාලය
ඉගෙනුම ලබන - 9 ශේ්‍රණිය
ශේ‍ර්ණිය
පවුලේ විස්තර - අම්මාගේ නම බි්‍රජට් කරුණාරත්න. තාත්තාගේ නම බ්‍රැන්රි අස්විදු, මගේ අයියාගේ නම දිමිත්‍රි කරුණාරත්න

'ගෝල්' චිත්‍රටයත් එක්ක ඩේවිඩ් ජනප්‍රිය වෙලා. කොහොමද ඩේවිඩ්ට 'ගෝල්' චිත්‍රපටයට එකතු වෙන්න ලැබුණේ?

මම පුහුණු වන කැම්බල් ක්ලබ් එකේ මාස්ටර් දවසක් අපිට කිව්වා ටූනමන්ට් එකක් තියෙනවා කියලා. හීන හොයන සමනල්ලු චිත්‍රපටය කරපු සර් එදාට එනවා කියලාත් කිව්වා. එදා අපි කළ දේවල් බලලා, අපේ මුහුණ බලලා තැන් තැන්වලින් කිහිප දෙනෙක් තෝරගත්තා. අපිට ෆුට්බෝලයෙන් වැඩ දාලා පෙන්නන්න කිව්වා. හිනා වෙලා, දුක්වෙලා පෙන්නන්න කිව්වා. මම ඒ දේවල් කළා. ඊට පස්සේ මාවත් රොහාන් සර් තෝරාගෙන තිබ්බා ගෝල් චිත්‍රපටයට.

රංගනයට එන්න කැමැත්තකින්ද හිටියේ?

රඟපාන්න ආසාවක් තිබ්බා. මට මීට කලින් දෙපාරක් ටෙලි නාට්‍යවලට කතා කළා. හැබැයි ඒවාට සම්බන්ධ වෙන්න මම ඒ තරම් උනන්දු වුණේ නැහැ.

එතකොට 'ගෝල්' චිත්‍රපටයට සම්බන්ධ වුණේ?

ෆුට්බෝල්වලට තිබ්බ ආසාවත් එක්ක ඒ චිත්‍රපටයට ගොඩක් කැමැත්තෙන් සම්බන්ධ වුණා.

මුලින්ම කැමරාව ඉදිරියේ රඟපාද්දී බයක් දැනුණේ නැද්ද?

බයයි. ඒ වගේම මට ලැජ්ජයි රඟපාන්න. ඒත් අම්මා කිව්වා ඒක ඒ තරම් හිතන්නේ නැතිව රඟපාන්න කියලා. පළමුවැනි සැරේ රඟපාද්දී බයෙන් රඟපෑවේ. දවස් දෙක තුනක් ගියාම බය නැති වුණා.

ෆුට් බෝල් ගගහා හිටපු ඩේවිඩ් චිත්‍රපටයක රඟපානවා දකිද්දී යාළුවෝ මොකද කියන්නේ?

මම චිත්‍රපටයකට ගියා කිව්වම සමහර යාළුවෝ විශ්වාස කරලාත් නැහැ. හැබැයි ෂූටින් ඉවර කරලා දැන් ඒ චිත්‍රපටය දකිද්දී යාළුවෝ කියනවා මම හොඳට රඟපාලා තියෙනවා කියලා.

ඩේවිඩ් දැන් ගමෙත් ජනප්‍රිය වෙලාද?

ගමේ අයත් චිත්‍රපටය බලලා හොඳයි කිව්වා. මම චිත්‍රපටය කරන්න මාසයක් විතර අනුරාධපුරයේ ගිහින්නේ හිටියේ. ඉතින් ගමේ අය දැනගෙන හිටියා මම චිත්‍රපටයක රඟපානවා කියලා. එයාලට සතුටුයි මාව දකිද්දී.

මේ චිත්‍රපටය නිසා ඩේවිඩ් කැපීපෙනෙන චරිතයක් වෙයි කියලා හිතුවාද?

මම මුලින් හිතුවේ නැහැ චිත්‍රපටයේ ප්‍රධාන තැනක් මට ලැබෙයි කියලා. ඒත් අපි එක එක කණ්ඩායම්වලට බෙදුවේ රොහාන් සර් සහ සම්පත් මාස්ටර්. ඉතින් මට හරි සතුටුයි මෙහෙම අවස්ථාවක් ලැබුණු එක ගැන.

දැන් ලැබිලා තිබෙන ජනප්‍රියත්වය ගැන ඩේවිඩ්ට සතුටු ඇති?

ඔව්. ඒකට මම ගොඩක් කැමැතියි. මම මීට කලින් රූපවාහිනි වැඩසටහනකටවත් ගිහින් නෑ. අපිට නොලැබුණු ඉඩ දැන් ලැබිලා තියෙනවා. මීට කලින් ගොඩක් අය මාව දන්නේ නැහැ. හැබැයි චිත්‍රපටය නිසා ගොඩක් අය මාව දැනගත්තා.

රංගන කටයුතු නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙන එකක් නැද්ද?

නැහැ. මම අධ්‍යාපන කටයුතුත් කරන ගමන් වෙලාව හදාගෙන රංගන කටයුතු, ක්‍රීඩා කටයුතු කරනවා.

ඩේවිඩ් ඇයි ෆුට්බෝල් ක්‍රීඩාවට කැමැති?

මගේ අයියත් ක්ලබ් එකක ෆුට්බෝල් සෙල්ලම් කළා. ඉතිං අයියා කරන දේවල් බලාගෙන ඉඳලා මාත් අයියත් එක්ක ෆුට්බෝල් සෙල්ලම් කළා. ජනප්‍රියම ක්‍රීඩාවක් නිසා මම ඒ ක්‍රීඩාවට ගොඩක් කැමැතියි.

ෆුට් බෝල්වලට කැමැති ඩේවිඩ් වැඩිපුරම කැමැති ෆුට් බෝල් ක්‍රීඩකයා කවුද?

රොනාල්ඩෝට තමයි ගොඩක්ම කැමැති. මම එයාගේ තරග ගොඩක්ම බලනවා.

කවුද මේ චිත්‍රපටයේදී ඩේවිඩ්ගේ ළඟම යාළුවා?

හැමෝම යාළුවෝ. ඒ අතරින් ජබුස් හිටියේ අපේ ක්ලබ් එකේ. ඉතිං එයා එක්කත් ගොඩක් යාළුයි.

යාළුවෝ ගොඩක් එක්ක හිටපු නිසා දඟ වැඩ ඕන තරම් කරන්න ඇතිනේ. ඒ අතරින් අමතක නොවෙන දඟ වැඩත් ඇති?

දඟ වැඩ නම් ගොඩක් කළා. දවසක් අපි ෂූටින් තිබ්බ දවසක රෑ සුදු ඇඳුම් ඇඳගෙන මූණේ පවුඩර් ගාගෙන ජබුස්ගේ කාමරයට ගියා එයාව බය කරන්න. එයා හරි බයයි. ඉතිං එයා අපිට බය වෙලා රෑ හයියෙන් කෑ ගැහුවා. එහෙම දඟ වැඩ කරලා බැනුම් අහන්නත් වුණා.

දිගටම රඟපාන්න කැමැතිද?

මට අවස්ථාව ලැබුණොත් රඟපාන්න කැමැතියි.

ඩේවිඩ්ගේ හැම වැඩකටම අම්මා ලොකු සහායක් දෙනවා වගේ?

මගේ අම්මයි අයියායි මට ගොඩක් උදවු කරනවා. තාත්තා ඉන්නේ රට. අම්මාත් මෙහේ රැකියාවක් කරනවා. ඒත් කොහොම හරි වෙලාව වෙන් කරගෙන මාව හැම දෙයකටම එක්ක යන්නේ මගේ අම්මා.

ඩේවිඩ් අනාගතයේදී ඉදිරියට යන්න තෝරාගන්න අංශය මොකක්ද?

ක්‍රීඩාවලින් ඉදිරියට යන්න කැමැතියි. ඒ අතරෙදී රංගනයට අවස්ථා ලැබුණොත් දෙකම කරනවා.

ඩේවිඩ්ට මතක් කරන්නත් පිරිසක් ඇති?

මාව චිත්‍රපටයට සම්බන්ධ කරගත්ත රොහාන් පෙරේරා සර්ට, ඒ වගේම ඒ අවස්ථාව හදලා දීපු සම්පත් සර්ට, මගේ පාසලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, මගේ යාළුවෝ, මගේ අම්මා, අයියා, රංග අයියා ඇතුළු හැමෝටම මම ස්තුති කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අනුරුද්ධ මැදවත්තගෙදර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon