කේරළයේ ගංවතුරින් 350ක් මියගිහින්: හත් ලක්‍ෂ විසිපන්දහසක් අනාථයි

  👤  1605 readers have read this article !
Published by : MB WEB 2018-08-21 11:02:19

ගංවතුර හේතුවෙන් කේරළයේ පුද්ගලයන් හත් ලක්‍ෂ විසිපන් දහසක් අනාථව ඇතැයිද ඔවුන් සහන කඳවුරු පන්දහස් හයසිය හතළිස් පහක රඳවා තබා ඇතැයි
කේරළයේ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පසුගිය ඉරිදා සිදු කරන ලද මෙහෙයුම්වලදී පමණක් ජල ගැලීම් හේතුවෙන් හිරවී සිටි පුද්ගලයන් විසිදෙදහසක් බේරා ගෙන ආරක්‍ෂක ස්ථාන කරා රැගෙන ආ බවද වාර්තා පෙන්වා දෙයි.

පසුගිය ජුනි මාසයේ ආරම්භ වී දිගටම ඇදහැලෙන මෝසම් වැසි නිසා ඇතිවූ නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව තුන්සිය පනහකට අධික බව කේරළ බලධාරීහු මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර එයින් විශාල පිරිසක් මියගොස් ඇත්තේ නාය යෑම් හේතුවෙන් බව පවසා සිටියි.

ජල ගැලීම් හේතුවෙන් දින ගණනක් සිරවී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් කටයුතු වේගවත් කර ඇති අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා යොදා සිදුකරන ගුවන් මෙහෙයුම් වැඩිකර ඇතැයි ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon