විවෘත ගොල්ෆ් තරගාවලිය නැවතත් 28දා සිට දින 4ක් කොළඹදී

  👤  1356 readers have read this article !
Published by : MB WEB 2018-08-21 12:28:09

රාජකීය කොළඹ ගොල්ෆ් සමාජය සංවිධානය කරන විවෘත ගොල්ෆ් තරගාවලිය මෙම මස 28 වැනිදා රාජකීය ගොල්ෆ් පිටියේදී ආරම්භ වීමට නියමිත අතර දින 4ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට නොකඩවා දෙවැනි වරටත් ඒතබචඪප අනුග්‍රාහකත්වය දක්වයි.

රාජකීය කොළඹ සමාජය 1970 වසරේදී ආරම්භ කරන ලද මෙම ගොල්ෆ් තරගාවලිය දශක දෙකක කාලයක් තුළ පැවැත්වෙන්නේ දෙවැනි වරටයි. පසුගිය වසරේදී ඒතබචඪප මෙම තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වීමත් සමඟ වසර 18ක් පුරා නොපැවැත්වුණු මෙයට ජීවය හිමි විය.

කෙසේ වෙතත් තරග වට 4කින් යුත් මෙවර තරගාවලියට මෙරට දක්ෂතම ගොල්ෆ් ක්‍රීඩකයන් 100කට වැඩි පිරිසක් සහභාගි වනු ඇති බවට කොළඹ ගොල්ෆ් සමාජයේ නායක අවංක හේරත් මහතා මෙයට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළඅතර ඒ අතුරින් ක්‍රීඩකයන් 30 දෙනකු අවසන් දින දෙකේ පැවැත්වෙන අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලබාගනී.

තවද ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය හැරුණුකොට මෙරට පැවැත්වෙන එකම විවෘත ගොල්ෆ් තරගාවලිය වන්නේද මෙයයි. මෙය ඇරැඹුණු පළමු වසර තුනේම ශූරතාව හිමිකර ගැනීමට එච්.එල්. ප්‍රේමදාස සමත් වූ අතර එවක සිටි දක්ෂතම ගොල්ෆ් ක්‍රීඩකයකු වූ නන්දසේන පෙරේරා මහතා වාර්තාගත ලෙස හත් වරක් මෙහි ශූරතාව හිමිකර ගැනීමට සමත් වීමද විශේෂත්වයකි. රාජකීය ගොල්ෆ් සමාජයට අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගිවන ප්‍රමුඛතම ක්‍රීඩකයන් අතරට මිතුන් පෙරේරා, අනුර රෝහණ, කේ. ප්‍රභාගරන් සහ එන්. තංගරාජා යන ගොල්ෆ් ශූරයන් ඇතුළත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon