මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හයදෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගැනේ
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 22) මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හයදෙනෙකුගේ (06) දිවි බේරා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරක රාජකාරියේ යෙදී සිටි වේග ප්‍රහාරක මුර නෞකාවක් මඟින් කොවිලම් තුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 15 ක පමණ දුරකදී දියේ ගිලෙමින් තිබූ ධීවරයින් පිරිස නිරීක්ෂණය කොට ඇති අතර, ඒ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ධීවරයින් හයදෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කරන ලදී.
ධීවරයින් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් පසු මුර සංචාරයේ යෙදි සිටි වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙත එම ධීවරයින් භාර දිමට කටයුතු කළ අතර, පසුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම ධීවරයින් ආරක්ෂාකාරී ලෙස කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. අනතුරුව ඔවුන් හට ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම ධීවරයින් කන්කසන්තුරෙයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17