ක්‍රීඩා පනතේ ඇති ඇමැති බලතල සීමා කිරීමට ක්‍රීඩා ඇමැති කමිටුවක් පත් කරයි

  👤  1607 readers have read this article !
Published by : MB WEB 2018-08-23 13:11:46

ක්‍රීඩා පනත මඟිින් මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවැරී ඇති අසීමිත බලතල සීමා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති නීතිඥයන් 9 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන ඇත.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව ස්වේච්ඡාවෙන් මීට අදාළ කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා ඔවුන්ට කිසිදු ගෙවීමක් සිදු නොකිරීමද විශේෂත්වයකි. ඒ අනුව එම කමිටුව මඟින් ක්‍රීඩා නීතියේ පවතින ඇතැම් දුර්වලතා සහ ක්‍රීඩා පනත මඟින් ක්‍රීඩා අමාත්‍යවරයාට පැවැරී ඇති අසීමිත බලතල සම්බන්ධව මූලික වශයෙන් සැලකිල්ලට බඳුන් කර එම වෙනස්කම් සිදු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත. තවද එම කමිටුව ක්‍රීඩා සංගම්වලින් සහ ජනතා අදහස් ලබා ගෙන මාස දෙකක් තුළ මෙම වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතය.

ක්‍රීඩා නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ කමිටුව මෙසේය. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස (සභාපති), ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, නීතිඥ ඉසුරු බාලපටබැඳි, නීතිඥ මහේන් කරීම්, නීතිඥ පුලස්ති රූපසිංහ, නීතිඥ චරක ජයරත්න, නීතිඥ මහේෂ් සේනාරත්න, නීතිඥ ශිරෝමි රේණුකා රණවක (ලේකම්).

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon