මාදම්පේ පොදු වැසිකිළි අපවිත්‍ර වෙලා

  👤  1554 readers have read this article !
Published by : MB WEB 2018-08-24 08:52:33

අටකලන්පන්නේ - තරිඳු උදයශාන්ත

මාදම්පේ හන්දියේ පොදු වැසිකිළිය දැඩි ලෙස අපවිත්‍ර වී භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින හෙයින් ගැටලු රැසක් උද්ගත වී නැතැයි ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාළු වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන, සමුපකාරය මෙහි පිහිටා ඇත. අලුයම් කාලයේ සිට මාදම්පෙ මාළු ලෑල්ලට මාළු රැගෙන එන දුර බැහැර වෙළෙන්දන් මෙන්ම ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් මෙම වැසිකිළිය භාවිත කෙරේ.

මෙම වැසිකිළිය පිරිසුදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කොට ජනතාවට පහසුකම් ලබා දෙන ලෙස වගකිවයුතු අංශයන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon