කැටන්‍ෙදාළ කඳහේන මාර්ගය අබලන්

  👤  1563 readers have read this article !
Published by : MB WEB 2018-08-24 10:24:46

මාපලගම - රසික සෙනෙවිරත්න

අක්මීමන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කැටන්‍ෙදාළ කඳහේන මාර්ගය දැඩි ලෙස අබලන්ව පවතින අතර මෙම තත්ත්වය නිසා මෙකී මාර්ගය ගමන් කරන මගී ජනතාව මෙන්ම වාහන හිමියෝද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

මීට වසර හතකට පමණ ඉහතදී මෙකී මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වය යටතේ තාර දමා ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක් වැයකොට ඇත. මේ වනවිට මෙකී මාර්ගයේ තැනින් තැන ගල් ගැලවී විශාල වළවල් දක්නට ඇත. මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon