කේරළ ප්‍රාන්තයේ ගංවතුරින් මියගිය ගණන දැන් 420ක්

  👤  1583 readers have read this article !
Published by : MB WEB 2018-08-24 09:45:33

කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව හාරසිය විස්ස දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාන්ත බලධාරීහු පවසති.

මෙම සියවසේ කේරළයට බලපෑ දරුණුතම ජල ගැල්ම ලෙස හැඳින්වෙන මෙයින් විපතට පත්වූ සහ අවතැන් වූ සංඛ්‍යාව මිලියනයකට අධික වන අතර ඔවුන් තවමත් තාවකාලික මධ්‍යස්ථානවල රඳවා ඇත.

මෝසම් වර්ෂාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ඉන්දීය කාලගුණ අංශ පෙන්වා දෙයි. ජලය බැසයන මාර්ග මඩවලින් හිරවී පැවැතීම හේතුවෙන් ගංවතුර බැසයෑම පිළිබඳ ගැටලුවක් මතුවී ඇත. ජලය හේතුවෙන් එම ප්‍රදේශවලට ළඟාවීමට නොහැකි බවද ක්ෂණිකව ජලය බැසයැවීම ගැටලුවක් වී ඇතැයිද ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කර සිටිති.

ගංවතුර හේතුවෙන් වසා දමන ලද කොචින් ගුවන් තොටුපොළ අගෝස්තු 29වැනිදා යළි විවෘත කිරීමට පියවර ගන්නා බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම ප්‍රකාශ කරයි.

මේ වන විට ගුවන් තොටුපොළේ යළි සූදානම් කිරීම සිදුකරමින් පවතින බවද ගුවන් තොටුපොළ සමාගම පෙන්වා දෙයි.

කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් නවතා දැමීමට සිදුවූ බවද ඒ හේතුවෙන් ඇති වී ඇති අලාභය විශාල බවද සමාගම ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon