ඉරානයට හා රුසියාවට සම්බන්ධ ෆේස්බුක් - ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවීමේ තීරණයක්

  👤  1232 readers have read this article !
Published by : MB WEB 2018-08-25 11:42:09

ඉරානයට සහ රුසියාවට සම්බන්ධ පිරිස් භාවිත කරන ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කරයි.

එම ගිණුම් ජාත්‍යන්තර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම හේතුවෙන් එසේ අත්හිටුවීමට ක්‍රියා කරන බව සමාගම පවසයි.

ඉරානය-ඇමෙරිකාව සහ රුසියාව-ඇමෙරිකාව අතර අර්බුදකාරි තත්ත්වයන් දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළ ඉරානය සහ රුසියාවේ පිරිස් ඇමෙරිකාව පිළිබඳව විවිධ මත ප්‍රචාරය කිරීමට උත්සාහයක යෙදී සිටින බව හඳුනාගෙන ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

සමාගමට අනුව ඉරානයට සහ රුසියාවට අයත් ෆේස්බුක් ගිණුම් හයසිය පනහකට අධික ප්‍රමාණයක්ද, ට්විටර් ගිණුම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක්ද අත්හිටුවීමට සමාගම තීරණය කර ඇත.

එවැනි තවත් ගිණුම් පිළිබඳව හඳුනා ගනිමින් සිටින බවද ඒවාද ඉදිරියේදී අත්හිටුවීමට සමාගම කටයුතු කරන බවද සමාගම ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon