අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන් කෙනෙකු වහාම එවන්නැයි ඇමැතිගෙන් නියෝග

  👤  1706 readers have read this article !
Published by : MB WEB 2018-08-24 11:08:06

ඉන්දුනීසියාවේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කිරීමට නියමිතව සිටි ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 25ක් වුවත් මේ වන විට ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කර ඇති මුදල මිලියන 25 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

පසුගිය වතාවට සාපේක්ෂව මෙවර ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් ඉන්දුනීසියාවට යන ලද අනවශ්‍ය නිලධාරීන්ගේ අඩුවක් වී ඇති බවද පැවැසේ. කෙසේ වෙතත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂවරයා යන දෙදෙනාට ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යාමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලැබී තිබුණ ද ඔවුන් දෙදෙනාම මේ වන විට එකවර පිටත්ව ගොස් තිබීම සම්බන්ධව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දැඩි විරෝධය දක්වා ඇතැයි පැවැසේ.

ඒ අනුව එම දෙදෙනාගෙන් කෙනකු වහාම නැවත ලංකාවට එවන ලෙස එහි සිටින අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතාට ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ. තවද මෙකී නිලධාරීන් දෙදෙනාට ඉන්දුනීසියාවට යෑම සඳහා රුපියල් ලක්ෂ 8ක් බැගින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වියදම් කර ඇති බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon