මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කෙරේ

  👤  1271 readers have read this article !
Published by : MB WEB 2018-08-24 14:00:49

වත්මන් රජයේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම අගෝස්තු 26 වැනි දින පෙ.ව. 9.30 ට අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවෙ දියවඩන නිළමේවරයා විසින් අග්‍රාමාත්‍යතුමන්ගෙන් කළ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමන් විසින් රන් වියන අලුත්වැඩියා කිරීම සදහා ප්‍රතිපාදන ලබා දෙන ලදී.

වර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි. 2002 වසරෙන් පසු වසර ගණනාවක්ම මෙම රන්වියනේ අලුත්වැඩියාවක් සිදු නොවුනු අතර, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබේ. මොරටුව විශ්ව විද්‍යාලය මගින් ඊට අදාළ තාක්ෂණික උපදෙස් ලබා දී ඇති අතර, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහි සියළු සම්බන්ධීකරණයන් සිදු කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon