වලව කලාපයේ වසවිසෙන් තොර වී වගාවේ අස්වනු නෙලීම අනිද්දා

  👤  1029 readers have read this article !
Published by : MB WEB 2018-08-25 11:11:08

වලව කලාපයේ වසවිසෙන් තොර වී වගාවේ අස්වනු නෙලීම අනිද්දා (අගෝස්තු 26) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් කුඹුරෙන් ඇරඹේ

 SEMA ආයතනය විසින් වසවිසෙන් තොර කාබනික ගොවිතැන ව්‍යාප්ත කරලීම  සඳහා ගෙනයන වැඩපිළිවෙල යටතේ කාබනික පොහොර සහ ජෛව තාක්ෂණය භාවිතයෙන් වගා කරන ලද මෙවර යල කන්නයේ වලව කලාපයේ වී අස්වැන්න නෙලීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.

ඒ අනුව එම කටයුතුවල සමාරම්භක අවස්ථාව වශයෙන් වසවිසෙන් තොර වී ගොවිතැනේ ප්‍රථම අස්වනු නෙලීම අනිද්දා අගුණකොළපැලැස්ස යකාගල වෙල්යායෙන් ආරම්භ කෙරේ.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අක්කර 03ක කුඹුර වසවිසෙන් තොර කාබනික ගොවිතැන යටතේ වගා කරනු ලැබී ය.මේ වනවිට එම කුඹුරේ ගොයම් පැසී අස්වනු නෙලාගැනීමට සුදුසු තත්ත්වයක පවතී.

එම කුඹුරේ අස්වනු නෙලීම SEMA ආයතනයේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සහභාගීත්වයෙන් අනිද්දා ( අගෝස්තු 26) පෙරවරුවේ සිදු කෙරේ.

වසවිසෙන් තොර ගොවිතැන ව්‍යාප්ත කරලීම සඳහා අතුරලියේ රතන හිමි ප්‍රමුඛ SEMA ආයතනයේ කණ්ඩායම ගෙනයන වැඩපිළිවෙල ඉතා වැදගත් බවත්,රජය වශයෙන් එම කටයුතුවලට උපරිම සහය ලබාදෙන බවත් අමාත්‍යවරයා පවසයි.එම නිසා තමන් ද කාබනික වගාව අරඹන ලද බව හෙතෙම පවසයි.දැනට අප රටේ  ගොවීන් 5000ක් පමණ වසවිසෙන් තොර කාබනික වී වගාවේ නිරතව සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon