බදාදා යළිත් දුම්රිය වර්ජනයක්

  👤  913 readers have read this article !
Published by : MB WEB 2018-08-25 12:52:24

උපතිස්ස පෙරේරා

දුම්රිය රියැදුරු වෘත්තීය සමිති පහක් ලබන බදාදා (29දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. තම වැටුප් වැඩිවීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව නොසලකා හැරීම නිසා මේ වර්ජනය ආරම්භ කරන බව එම වෘත්තීය සමිති විධායක කමිටුවේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට සඳහන් කළේය.

මේ වැටුප් වැඩිවීම ලබා නොදීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකකදී වර්ජන ක්‍රියාත්මක කළ විට ඒ පිළිබඳ සොයා බලා විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා සහ ඇමැතිවරුන් කිහිපදෙනකුද දුන් ප්‍රතිඥා අනුව තමන් එම වර්ජන අත්හිටුවූ බවද හෙතෙම සඳහන් කළේය. ලබන 29 වැනිදා ආරම්භ කරන වැඩ වර්ජනය තම ඉල්ලීම් ලැබෙනතුරු අත්නොහරින බවද ඔහු අවධාරණය කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon