ජනපති හෙට නේපාලයට

  👤  957 readers have read this article !
Published by : MB WEB 2018-08-27 10:11:40

පහන් විජේසේකර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (28දා) නේපාල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතය.

ඒ බෙංගාල බොක්ක ආශි්‍රත කලාපීය රටවල තාක්‍ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් හතර වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහාය.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ බෙංගාල බොක්ක සමකාමී සශ්‍රී ක සහ තිරසර කලාපයක් බවට පත් කිරීම යන්නයි.

එම සමුළුවට සමගාමීව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලි සහ නේපාල ජනාධිපතිනි බිද්‍ර්‍යා දේවි බණ්ඩාරි යන මහත්ම මහත්මීන්ද හමුවීමට නියමිතව ඇති අතර ලුම්බිණි නුවර නැරැඹීමේ සංචාරයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බව වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon