ගම් තුනකට යන කෙටිම පාරේ කම්බි පාලම හොඳටම දිරලා

  👤  1155 readers have read this article !
Published by : MB WEB 2018-08-28 07:08:33

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි


මස්කෙළියේ සිට කැලණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරා පත්වී ලෑලි ගැලවී පාලමේ අත්තිවාරමට යොදා ඇති යකඩ දිරාපත් වී ඇති නිසා එම පාලම කඩා වැටීමේ අවදානමක් පවතින බව ජනතාව කියා සිටිතිි.


අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගිනිගත්හේන හිටිගේගම ගල්ගොඩහින්න ගම්මාන ඇතුළු තවත් ගම්මාන රැසකට පිවිසීමට ඇති කෙටිම මාර්ගය පිහිටා ඇත්තේ මෙම කම්බි පාලම හරහායි.


1955 වසරේදී ඉදිකරන ලද මෙම කම්බි පාලම දිගින් අඩි 275කින් සහ උසින් අඩි 22කින් යුක්තය.


වසර 15කින් පමණ එම පාලම ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අත්තිවාරමට යොදා ඇති යකඩ කුලුනු පාලමේ ආරක්ෂිත කම්බි සහ එම පාලමේ ගමන් කිරීමට යොදා ඇති ලෑලි දිරා ඇති බව ප්‍රදේශවාසීහු පවසති. පාලම අබලන් තත්ත්වයේ පැවතීම නිසා පාලම හරහා ගමන් ගත් පාසල් ළමයින් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මේ වනවිට පාලම මතින් මස්කෙලියට වැටී තුවාල ලබා ඇති බවද ප්‍රකාශ වේ. හිටිගේගම, මොරතොටියාවත්ත, කෙසෙල්අරාව, මගුරු මාදෙණිය ඇතුළු ගම්මාන රැසකට පිවිසීමට ඇති කෙටිම එකම මාර්ගය මෙය බව එම පාලම ප්‍රයෝජනයට ගන්නා බව ජනතාව කියා සිටිති.


එම කම්බි පාලම වෙනුවට යකඩ පාලමක් හෝ කොන්ක්‍රීට් පාලමක් ඉදිකර දෙන බවට අදාළ බලධාරීන් අවස්ථා කිහිපයකදී පොරොන්දු වී ඇතත් එම පොරොන්දුව මෙතෙක් බලධාරීන් ඉටුකර නොමැති බවද ගම්වාසීන් චෝදනා කරමින් කියා සිටී.


පවත්නා තත්ත්වය මත අවස්ථා කිහිපයකදී ගම්වාසීන් සහ තරුණයන් එක්ව තම ශ්‍රමය සහ මූල්‍ය දායකත්වය යොදවමින් පාලම ප්‍රතිසංස්කරණය කළ බවත් මෙවර ඒ සඳහා ගම්වාසීන් විසින් අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවසරය ඉල්ලා ඇතත් එම අවසරය මෙතෙක් ලේකම්වරයා විසින් ලබාදී නොමැති බවද කියා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon