නායයෑමකින් හැටන් ඩයගම පාරේ ගමනාගනය අඩාල වෙලා

  👤  927 readers have read this article !
Published by : MB WEB 2018-08-28 08:14:19

වටවල - සී.ඩී.එච්. හේවගේ


හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ එන්.සී. උඩ කොටසේ සිදුවූ නායයෑමත් සමඟ එම මාර්ගයේ බස් රථ මේ වන විට ධාවනය අඩාල වී ඇත.
දැනට මාස දෙකක පමණ කාලයක සිට මෙම ස්ථානය නිසි ලෙස පිළිසකර නොකිරීමත් සමඟ මාර්ගයේ ගමන් කරන බස් මගීහු දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.


මේ වන විට හැටන් සිට මෙම මාර්ගයේ ඩයගම දක්වා ධාවනය කරනු ලබන බස් රථ එම නායගිය ස්ථානයේ නතර කරන අතර එතැන් සිට එම මගීන් ඩයගම සිට හැටන් දක්වා පැමිණෙන බස් රථවලටත් ඩයගම සිට හැටන් දක්වාත් ගමන් කරන බස් රථවලටත් මාරුවනු ඇත.


මෙම තත්ත්වයන් මත එම මගීන්ට නිසි ලෙස කලට වේලාවට තම ගමනාන්තය දක්වා ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් පැවතීමත් සමග ඔවුහු විවිධ දුෂ්කරතාවන්ට පත්ව සිටිති.


මේ පිළිබඳව අදහස් දක්වන ආගරපතන ප්‍රදේශයේ පදිංචි කේ. කුමාරගුරු මහතා, මෙම ස්ථානය නාය ගිහින් දැනට මාස දෙකක පමණ කාලයක් වනවා. තවම නිසි ලෙස පිළිසකර කර නැහැ. මෙම තත්ත්වයන් මත අපි දැඩි


දුෂ්කරතාවන්ට පත්වෙලා.
දැන් මම මෙතැනට පැය භාගයකටත් වැඩියි හැටන් ඉඳන් බස් එකක් එනකම් ඉන්නවා. ඉක්මනින් හදනවා නම් හොඳයි. මේ පාර ළඟයි. නැති නම් අපිට යන්න වෙන්නේ තලවාකැලේ හරහා.


බස් රියැදුරකු වන ඒ. මෝහන් මහතා
අපේ බස් රථ මෙතැනින් යන්න බැරි නිසා මඟින් හරවාගෙන යනවා. මෙම තත්ත්වයන් මත මගීන් විවිධ දුෂ්කරතාවන්ට පත් වෙනවා.
බස් රියැදුරකු වන කේ.


සුරේෂ් මහතා
මෙම මාර්ගයේ ලංගම බස් රථ හතරක් හා පෞද්ගලික බස් රථ දහයක් ධාවනය කරනවා. නාය යෑමත් සමඟ ලංගම බස් රථ ධාවනය නතර වුණා. අපි මෙම ස්ථානයට දෙපැත්තෙන් බස් ධාවනය කරවනවා. මගීන් නම් දුෂ්කර තත්ත්වයන්ට පත්වෙලයි ඉන්නේ. මෙය කඩිනමින් හදනවා නම් හොඳයි.
කොන්‍ෙදාස්තර මහතකු වන පී. තංගරාජ් මහතා


මෙම ස්ථානය නාය ගිහින් මාස දෙකක් පමණ වෙනවා. ඒත් තවම නිසි ලෙස සකස් කරලා නැහැ. අපේ දෛනික ආදායමත් අඩුවෙලා. කඩිනමින් නවීකරණය කර දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.


ප්‍රදේශයේ කාන්තාවක් වන එම්. සෙල්වසුන්දරී මහත්මිය
මෙම ස්ථානය මේ වන තෙක් පිළිසකර නොකිරීමත් සමඟ අපි විවිධ දුෂ්කරතාවන්ට පත්වෙලා. අපි පත්වෙලා ඉන්න දුෂ්කරතාවන්
පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය නිසි ලෙස යොමුවෙලා නැහැ.


දැන් පාසල් පටන් ගන්නත් ළඟයි. පාසල් පටන්ගත් විට පාසල් යන ළමයින් මෙම තත්ත්වයන් මත බොහෝ දුෂ්කරතාවන්ට පත් වෙනවා. එම නිසා කඩිනමින් සකස් කර දෙන්න කියලා ඉල්ලනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon