ආසියානු බෞද්ධ සමුළුව

  👤  818 readers have read this article !
Published by : MB WEB 2018-08-28 10:45:29

ගැටුම්වලින් වැළකීම සහ ස්ථිරසාර සංවර්ධනය සදහා බුද්ධිමය සන්නිවේදනය යන තේමාව පදනම් කරගනිමින් ආසියානු බෞද්ධ සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඊයේ ( 2018.08.27 ) ආරම්භ වුනා.

ආසියානු කලාපීය රටවල් නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ආගමික නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවනවා.

ආසියානු කලාපය තුළ ගැටුම්කාරී තත්වයන් වැළැක්වීම සහ ස්ථිරසාර සංවර්ධනය සදහා බෞද්ධ දර්ශනය පදනම් වූ බුද්ධිමය සන්නිවේදනය උපයෝගීකර ගැනීම පිළිබඳ මෙහීදී මුලිකව අවධානය යොමු කෙරෙනු ඇති.

ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ නියෝජ්‍ය මහලේක්ම් ආචාර්ය දමින්ද පෝරගේ මහතා, ශ්‍රී ලංකා යුධ හමුදාපති මාධ්‍ය උපදේශක, ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ මහලේක්ම් සිසිර විජේසිංහ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊයේ දිනයේ සමුළුව ඇමතු අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි අද දිනයේ සමුළුව ඇමතීමට නියමිතයි.

අශාන් පරණහේවා

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon