නියඟයෙන් උතුරේ පවුල් 91,639ක් විපතට
මුලතිව් - ශෂිකුමාර්
උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය නිසා එහි ජීවත්වන පවුල් 91,639කට අයත් පුද්ගලයන් 3,19,551 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා
කළමනාකරණ ඒකකයන් කියා සිටියේය.
උතුරු පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32කට අයත් ජනතාව පවතින නියං තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් භාර ආපදා කළමනාකරණ ඒකක පෙන්වා දෙයි.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 30,408කට අයත් පුද්ගලයෝ 1,10,156 දෙනකු පීඩාවට පත්ව සිටිති.
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04කට පවුල් 1,974කට අයත් පුද්ගලයන් 7,276ක් පීඩාවට පත්ව ඇත.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04කට අයත් පවුල් 24,099කට අයත් පුද්ගලයන් 81,887ක් පීඩාවට පත්ව ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පවුල් 29,421කට අයත් පුද්ගලයන් 1,02,163ක් විපතට පත්ව ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04කට අයත් පවුල් 5737කට අයත් පුද්ගලයන් 18,069ක් විපතට පත්ව ඇති බව දිස්ත්‍රික්ක පිහිටි ආපදා
කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
ප්‍රදේශයේ කුඩා වැව් සිඳී යෑම හා වර්ෂාව නොලැබීම නිසා දිනෙන් දින පීඩාවට පත්වන ප්‍රමාණයන් වැඩිවිය හැකි බවද ආපදා කළමනාකර ඒකකයන්හි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20