මොරගහකන්ද ආශි්‍රත ගම්වල මහා දැව ජාවාරමක්

  👤  1837 readers have read this article !
Published by : MB WEB 2018-08-29 07:18:54

මාතලේ -
හේවා පී. කරුණාරත්න


මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී ගම්වාසීන් ඉවත් කළ ගම්මාන ආශි්‍රතව මහ පරිමාණ දැව ජාවාරමක් සිදුවන බව වාර්තා වේ.

ජාවාරම්කරුවන් සංවිධානාත්මකව රාත්‍රි කාලයේදී ඉරුම් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ප්‍රදේශවල දැව කැපීම් සිදු කරන බවට අවට ගම්වාසීහු පවසති.

ගල්පෝරුගොල්ල, කඹරව, ඇලගමුව හා තලාගොඩ ගම්මාන අවට මෙම දැව ජාවාරම බහුලව සිදුවන බව ප්‍රකාශ කරන පරිසරවේදීහු ජලාශයට ජලය පිරවීමේදී ජලයෙන් යටවූ ගම්මාන හා ආශි්‍රත වනාන්තර දැව ජාවාරම්කරුවන්ගේ ආක්‍රමණ හේතුවෙන් මේ වන විටත් විනාශ වෙමින් ඇති බව එම ආරංචි මාර්ග කියති.


ඊට අමතරව මෙම වනාන්තරවල 'මරු වැල්' යොදා ගනිමින් වන සතුන් දඩයම් කිරීම සිදුවන බව ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා ද පවසයි. මෙම දැව ජාවාරම් පිළිබඳව වන සංරක්‍ෂණ නිලධාරියකුගෙන් කළ විමසීමකදී පැවැසුවේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදුවන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon