නියඟයෙන් කිලිනොච්චියේ පවුල් 24,099ක් අනාථයි ළිං සිඳිලා ගවයන්ටත් වතුර නෑ

  👤  1694 readers have read this article !
Published by : MB WEB 2018-08-30 07:05:14

මුලතිව් - ශෂිකුමාර්

මේ දිනයන්හි කිලිනොච්චිය දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක පවුල් 24,099කට අයත් පුද්ගලයන් 81,887ක් පීඩාවට පත්ව ඇති බවට කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය කියයි.

කිලිනොච්චිය කණ්ඩාවලෙයි, පච්චිලිපලෙයි, කරච්චි හා පූනකරී යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හතරේ ජනතාවට මෙසේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බවට කිලිනොච්චියේ ආපදා කළමනාකරණ නිලධාරීහු කියා සිටිති.

පානීය ජලය සෙවීමට කිලිනොච්චියේ වැසියන් දැඩි වෙහෙසක් ගන්නා අතරම ප්‍රදේශයේ පිහිටි පානීය ජල ළිං සිඳී ඇත.

කිලිනොච්චිය ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි, කල්ලාරු යන ප්‍රදේශයන්හි පිහිටි වැව් සියල්ලක්ම සිඳී යෑම නිසා සාමාන්‍ය වැසියන්ගේ දෛනික කටයුතුවලට දැඩි බාධාවක් වී ඇත. සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇත.

ජනතාවට මෙන්ම ජලය නොමැති වීමෙන් ගවයන් ඇතුළු වන සතුන්ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා ඇත. වල් අලින්ද ජලය සොයා ගම්වැදීමේ අවදානමක් පවතින බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon