මව්බිම පුවතට ප්‍රතිචාර; නායගිය අන්ඩර් බෑන්ක් පාර හමුදාවෙන් හදයි

  👤  1506 readers have read this article !
Published by : MB WEB 2018-08-30 09:26:53

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

නුවරඑළිය නගර සීමාවට අයත් අන්ඩර් බෑන්ක් ගම්මානයට යෑමට තිබූ එකම මාර්ගය පසුගියදා ඇතිවූ වර්ෂාවෙන් නාය යෑමත් සමඟ ගම්වාසීන්ට විඳීමට සිදුව ඇති අපහසුතාවන් "මව්බිම" පුවත්පතින් පෙන්වා දීමත් සමඟම මහ නගර සභාවේ
ක්ෂණික අවධානය යොමුකොට දිවා රෑ එක දිගට වැඩ කොට මාර්ගය පිළිසකර කරදී තිබේ.

මෙම කොට්ඨාස භාර නාගරික මන්ත්‍රි මහින්ද සිල්වා මහතා නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා දැනුවත් කළ පසු කළ ඉල්ලීමකට අනුව නුවරඑළිය හමුදා කඳවුරේ භට පිරිස් සිය කැමැත්තෙන් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාදී මෙය නිම කර තිබිණි.

පසුගිය 26දා ආරම්භ කළ මාර්ගය හැදීම එක දිගට එදින රැය පුරාද සිදුකොට පාන්දර 6 වන විට ගම්වාසීන්ට පාර නිම කරදීමට ඔවුන් සමත්ව සිටි අතර ඒ රැය පුරාම නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයාද මෙම හමුදා භට පිරිස් සමඟ එම ස්ථානයේ රැඳී සිටීම එම ගම්වැසියන්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon