එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි

  👤  1484 readers have read this article !
Published by : MB WEB 2018-08-30 11:11:41

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන 'එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා ' 2018 ජාතික ප්‍රදර්ශනයේ අතිසාර්ථක දෙවැනි දිනය අදයි.

ඊයේ දින(29)  ප්‍රදර්ශනය නිලවශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් සහ මැති ඇමැතිවරු ප්‍රධාන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ප්‍රදර්ශනය අගෝස්තු මස 29,30,31 යන තෙදින පුරා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්වෙයි.

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.

අද (30) දින ප්‍රදර්ශනය නිලවශ්යෙන් ආරම්භ වීමේ උත්සවය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon