උප පොලිස් පරීක්ෂකයන් බදවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සැප්තැම්බර් 02දා

  👤  1217 readers have read this article !
Published by : MB WEB 2018-08-30 15:13:58

ආරියරත්න ගනේගොඩ

ශ්‍රී ලංකා පොලිසියට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන්/ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සැප්තැම්බර් 02 වැනිදා කොළඹ 13 කොටහේන විවේකානන්ද මහා විද්‍යාලය සහ කොළඹ 12 හමීඩ් අල් - හුසේන් යන විභාග මධ්‍යස්ථානවලදී පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්වේ.

මෙම විභාගයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අයැදුම්කරුවන් වෙත තැපැල් මඟින් යවා ඇති අතර එම ප්‍රවේශ පත්‍ර විභාග පැවැත්වෙන දිනට පෙර ලැබී නොමැති නම් විභාගය සඳහා සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ට පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් විමසා විභාග ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමේ හැකියාව ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටී. දුරකථන අංක 0112334601/ 0118430362.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon