ජනපති, ඉන්දීය අගමැති හමුවෙයි.

  👤  1027 readers have read this article !
Published by : MB WEB 2018-08-30 17:48:09

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනපතිගේ කැපවීම ඉන්දීය අගමැතිවරයාගේ
දැඩි ප‍්‍රසාදයට ...

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදු කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (30) පස්වරුවේ සිදු වූ අතර එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කථා බහකට එක්වූ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එළැඹෙනසැප්තැම්බර් 03 වනදාට යෙදෙන ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළේ මෙම මිත‍්‍රශීලි හමුව ඉතා අගය කරමිනි.

එමෙන්ම හතරවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිත අතර, ඒ පිළිබ'ද අදහස් දැක්වූ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා බිමිස්ටෙක් සමුළුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පවරනු ලබන ඕනෑම කාර්යයක් නිසි අයුරින් ඉටුකිරීමට සූදානම් බව ද කියා සිටියේය.

එමෙන්ම අත්දැකීම් බහුල නායකයෙකු ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ බිමිස්ටෙක් සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇති බව ස'දහන් කළ නරේන්ද්‍ර මෝදි මහතා ඒ තුළින් බිම්ස්ටෙක් සමුළුවේ අරමුණු, ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නව ප‍්‍රවේශයක් ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon