39 වන ඔසුසල පේරාදෙනිය සරසවි භූමියේ දී විවෘත වේ

  👤  1908 readers have read this article !
Published by : MB WEB 2018-08-31 09:36:16

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ දී සැප්තැම්බර් මස 01 දින පෙරවරු 9.30 ට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

අංක 1157 ගැටඹේ පේරාදෙනිය යන ස්ථානයේ මෙම ඔසුසල ස්ථාපිත කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතුව මේ වන විට ඔසුසල් ශාඛා 38 ක් පවතී. නියෝජිත ඔසුසල සංඛ්‍යාව 103 කි. ඉදිරියේ දී දඹුල්ල, කෑගල්ල වැනි නගර වල ඔසුසල ශාඛා විවෘත කිරීමට නියමිතය.
සාධාරණ මිලකට ගුණාත්මක ඖෂධ රෝගී ජනතාවට ලබාගැනීමට හැකිවන සේ ඔසුසල ශාඛා දිවයින පුරා විවෘත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon