එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තෙවැනි දිනය අද

  👤  1715 readers have read this article !
Published by : MB WEB 2018-08-31 10:39:28

ව්‍යවසායකත්වය නංවාලමින් ගමේ සංවර්ධනය ඉලක්ක කර ගත් මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තෙවැනි දිනය අද(31) පැවැත්වෙයි.

අගෝස්තු 29 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මති ඇමැතිවරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 
ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කළේ ය.

දින තුනක් පවතින ප්‍රදර්ශනයේ තෙවැනි සහ අවසන් දිනය අදයි. අද ප්‍රදර්ශනය නිලවශයෙන් විවෘත කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. ප්‍රදර්ස්ශනය පෙ.ව. 10.00ට 
ආරම්භ වී මධ්‍යම රාත්‍රියේ දී අවසන් වෙයි.

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම 
සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.

2015 සිට 2018 දක්වා වූ රජයේ තුන්වසරක මෙහෙවර මෙන්ම වසර 2025 දක්වා වූ රජයේ ඉදිරි දැක්ම මෙම ප්‍රදර්ශනය තුළින් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon