අල ගොවීන්ට දැන් ජයයිලු

  👤  1520 readers have read this article !
Published by : MB WEB 2018-08-31 13:40:23

මෑත ඉතිහාසයේ දේශීය අර්තාපල් සඳහා ඉහළම මිල මෙවර යල කන්නයේදී මේ වන විට ලැබී ඇතැයි දේශීය අර්තාපල් ගොවීහු කියති.

වැලිමඩ, උෟවපරණගම, කැප්පෙටිපොළ, බොරලන්ද, බෝගහකුඹුර ආදී දේශීය අර්තාපල් බහුලව වගා කරන ප්‍රදේශවල මේ වන විට අර්තාපල් අස්වනු
නෙළීම ආරම්භව තිබේ. ගොවීහු රුපියල් 150ත් 160ත් අතර ඉහළ මිලකට අර්තාපල් කිලෝවක් තොග මිලට අලෙවි කරති. මේ පිළිබඳව තමන් රජයට ස්තුතිවන්ත වන බව පවසන ගොවීන් රජය ආනයනික අර්තාපල් සඳහා ඉහළ බදු මුදලක් පැනවීම නිසා මෙලෙස අර්තාපල් මිල ඉහළ ගොස් තමන්ගේ අතමිට සරුවන බව ගොවීහු පවසති.

දේශීය අර්තාපල් අස්වනු වෙළෙඳපොළට පැමිණ අවසන් වන තුරු මෙම මිල පවත්වාගෙන යෑම සඳහා විදේශ ආනයනික අර්තාපල් මත පනවා ඇති බද්ද ඉවත් නොකරන ලෙසත් ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon