කිරිඇල්ලගෙන් අනතුරු ඇඟවීමක්

  👤  1759 readers have read this article !
Published by : MB WEB 2018-09-02 12:24:08

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ආණ්ඩුවක් ලෙස සැප්තැම්බර් 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවට ඉඩ ලබාදෙන බවත් රාජ්‍ය දේපළවලට හානි සිදුකරණ පොදු මහජනතාවට හිරිහැර වන ආකාරයෙන් එදිනට ක්‍රියා කළහොත් නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බවත් පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "ඉරිදා මව්බිම"ට ප්‍රකාශ කළේය.

ආණ්ඩුව කිසිදු විරෝධතාවකට බිය නොමැති බවත් විරෝධතාවලින් ආණ්ඩුවේ ගමන වැළැක්වීමට නොහැකි වන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පැවැසුවේය.

රටේ ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව ගැන සොයා බැලීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ අනුව සැප්තැම්බර් 05 වැනිදා කොළඹ පිහිටි රජයේ විශේෂ ස්ථාන කිහිපයකට දැඩි ආරක්ෂාවක් යෙදවීමට අපේක්ෂා කරන බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon