චෙස් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පළමු හා තුන්වන තැන

  👤  1860 readers have read this article !
Published by : MB WEB 2018-09-03 08:01:42

අලවතුගොඩ - ජයම්පති අනුර බණ්ඩාර

නව වන විවෘත අන්තර්ජාතික ශේ‍ර්ණිගත චෙස් තරගාවලිය පසුගිය දින මහනුවර පොල්ගොල්ල සමුපකාර විද්‍යාල පරිශ්‍රයේදී නිමාවට පත්විණි.

දින හතක් පුරාවට දෙස් විදෙස් තරගකරුවන් අටසියයකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ විවෘත අංශයේ පළමු ස්ථානය ස්වර්ජිත් ෂා (ඉන්දියාව), දෙවැනි ස්ථානය පී.ආර්.එන්. සමරනායක (ශ්‍රී ලංකාව), තුන්වැනි ස්ථානය පාලිත් සෝමන් (ඉන්දියාව), හිමි කරගත් අතර අධිවේගී චෙස් තරගාවලියේ පළමු ස්ථානය ස්වර්ජිත් ෂා (ඉන්දියාව), දෙවැනි ස්ථානය සාලිත් සෝමන් (ඉන්දියාව), තුන්වැනි ස්ථානය ඊ.ඩී.එස්. චන්දුල (ශ්‍රී ලංකාව) හිමි කරගත්හ.

ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon