පොල් ගෙඩි 13ක් සොරාගත් දෙදෙනකුට ලක්ෂ දෙකක ශරීර ඇප

  👤  2008 readers have read this article !
Published by : MB WEB 2018-09-03 07:07:29

තලාව - එල්. අනුර

ඉඩමට අයුතු ලෙස ඇතුළු වී පොල් කඩා පොල් ගෙඩි 13ක් සොරකම් කිරීමේ චෝදනා යටතේ තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු 30 වැනිදා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.ආර්. නදීශානි මහත්මිය සැකකරුවන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත් නැවත ඔක්තෝබර් මස පළමු වැනි දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කරන ලදී.

රාජාංගණය යාය 2 ඩී ඇළ ප්‍රදේශයේ ඉඩමකින් පොල් කඩමින් සිටියදී ඉඩමේ අයිතිකරු සහ අවට පිරිස් එක්ව මොවුන් දෙදෙනා අල්ලාගෙන ඇත. ප්‍රදේශවාසීන් 119 දුරකථනයට දුන් පණිවුඩයක් අනුව තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම පොලිසියේ පොලිස් කොස්තාපල් ප්‍රේමසිරි (30443) නිලධාරියා අධිකරණයට කරුණු දක්වා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon