බ්‍රසීලය: වසර 200 ක් පැරණි ජාතික කෞතුගාරයට ගින්නකින් හානි

  👤  1574 readers have read this article !
Published by : MB WEB 2018-09-03 13:21:23

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය වන ජාතික කෞතුකාගාරය ගිනිගෙන තිබේ.

මිලියන 20 ක පමණ අයිතමයන්ගේ එකතුවක් පැවති එම කෞතුකාගාරයේ ගින්න මැඩලීම සඳහා ගිනි නිවන භටයෝ වෙහෙස දැරුහ.

මෙහිදී කිසිවකුට තුවාල සිදුවී ඇති බවක් වාර්තා නොවේ.

අතීතයේ වරෙක පෘතුගාල රාජකීය පවුලේ නිවාසය වූ මේ ගොඩනැගිල්ලේ 200 වෙනි සංවත්සරය මේ වසර මුලදී සැමරිණි.

ගින්න නිසා සිදුවී ඇති හානිය කොතෙක්දැයි මේ වන තෙක් පැහැදිලි නැත.

"වසර 200 ක ක්‍රියාකාරකම්, පර්යේෂණ හා දැනුම අහිමි වූ" මෙදින "සියලු බ්‍රසීලියානුවන්ට කනගාටුදායක දිනයක්" බව ජනාධිපති මිචෙල් ටෙමර් ට්විටර් පණිවිඩයකින් කියා සිටියේය.

බ්‍රසීලයේ TV Globo නම් රූපවාහිනිය සමග අදහස් පළකළ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය "සංස්කෘතික විපත්තියක්" බවය.

කෞතුකාගාරය තුළ බ්‍රසීලයට මෙන්ම ඊජිප්තු පුරාවස්තු ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව එහි වෙබ් අඩවියේ දැක්වේ.

එහි වූ ස්වභාවික ඓතිහාසික දේ අතරට ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද විණි. එය ඇමරිකානු කලාපයෙන් හමුවූ පැරණිතම මානව අස්ථි ද වේ.

මෙම ආයතනයට සැපයුණු ප්‍රතිපාදන කපා හැරීම මෙන්ම ගොඩනැගිල්ල අභාවයට යමින් පැවති තත්ත්වය සම්බන්ධයෙන් එහි සේවකයින් සිය අවධානය යොමු කර තිබු බව මීට පෙර වාර්තා විය.

1818 දී මෙම ආයතනය ආරම්භ කෙරුණේ විශේෂඥයින් හට එහි වූ එකතුව පරිශීලනයට ඉඩ හැර විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon