අනුරාධපුර යුගයට අයත් පොළොන්නරුවෙන් හමුවූ සඳකඩපහණ පුරාවිද්‍යාවට එපාද?

  👤  2452 readers have read this article !
Published by : MB WEB 2018-09-04 06:01:50

තමන්කඩුව - ගාමිණී ඔබේසේකර

පොළොන්නරුවේ කදුරුවෙල 4 ඇළ මාර්ගයේ නිවෙස්වලට ජල නළ පද්ධතියක් එළීමට පොළොව හෑරීමේදී අගෝස්තු 01 වන දින හමු වූ ඉපැරණි සඳකඩපහණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නොසලකා හැර තිබේ.

සඳකඩපහණ අනුරාධපුර යුගයට අයත් බව පැවසෙන අතර එහි පූර්ව බ්‍රාහ්මී අක්ෂර සටහන්ව තිබෙන බව පැවසේ.

එම සඳකඩපහණ හමුවූ ස්ථානය නුදුරු විජිතපුර බලකොටුව පිහිටා තිබූ බවත් ඒ හා ඉපැරණි ගොඩනැඟිලි සංකීර්ණයක් පැවති බවට මෙය හොඳම සාධකයක් යැයි පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීහු 'මව්බිමට' පැවසීය.

සඳකඩපහණ හමුවී මාසයකට අධික කාලයක් ගතවී ඇති නමුත් පුරාවිද්‍යා බලධාරීන් නොසලකා හැර ඇත. සඳකඩපහණ එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට මේ දක්වා කටයුතු කර නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon