යෝධ නිදිකුම්බා සමනල වැව ආක්‍රමණය කරලා

  👤  2451 readers have read this article !
Published by : MB WEB 2018-09-04 07:33:41

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

ආක්‍රමණික ශාකයක් වන යෝධ නිදිකුම්බා ශාකය සමනල වැව හා අවට අක්කර ගණනක් පුරා පැතිරී ඇත. ඉක්මනින් පහසුවෙන් ව්‍යාප්ත වන හා පහසුවෙන් වඳ කළ නොහැකි ශාකයක් වන මෙය වසර 200කට වඩා වැඩි කාලයකදී වුව සක්‍රිය වී පැළවීමේ හැකියාව තිබේ. වසර 30කටත් වඩා අධික කාලයක් මෙම ආක්‍රමණික ශාකය සමනල වැව ආශි්‍රතව පැතිරී ඇතත් කිසිදු වගකිවයුත්තකුගේ අවධානයක් මෙතෙක් යොමුව නැත. සමනල වැව ජලාශය ආශි්‍රතව ඇති මෙම ශාකයේ බීජ සුළඟින් මෙන්ම ජලය බෙදාහැරෙන ප්‍රදේශ කරා පහසුවෙන් ව්‍යාප්ත වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon