තේ දලුවලට බිබිළි අංගමාර රෝගය වැලඳිලා

  👤  2413 readers have read this article !
Published by : MB WEB 2018-09-04 07:44:15

ඇහැළියගොඩ - සී. රුවන්පුර

ඇහැලියගොඩ, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පැල්පිටිය, මෝරගල ඉද්දමල්ගෙඩ හා අවට ප්‍රදේශයේ 'තේ' වගාවට බිබිළි අංගමාර නමැති රෝගය වැලඳී තිබේ.

මේ හේතුවෙන් තේ දල්ල බිබිළි මතුවී වියළී දල්ල හැලී යෑම සිදුවේ. මේ නිසා 'තේ' දලු අස්වැන්න 35-40% ප්‍රමාණයකින් අඩුවන බව වගාකරුවෝ පවසති.

මේ පිළිබඳ ප්‍රදේශයේ තේ ව්‍යාප්ති නිලධාරි උපුල් සේනාධීරගෙන් විමසීමෙන් පසු මෙම රෝගයට හේතුව අධික පින්න හා වර්ෂාව බවත් තේ වගාවේ 'වදුල' ද එයට හේතු වන බවත් පවසයි.

පිළියමක් ලෙස දින 7කින් නෙළන අස්වැන්න දින 5කින් නෙළා 'අරින්බූව' කඩා ඉවත් කරන ලෙස උපදෙස් ලබා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon