පාන් භාගයයි පරිප්පු පීරිසියයි රු.85 දක්වා ඉහළට - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

  👤  2282 readers have read this article !
Published by : MB WEB 2018-09-04 09:58:06

අනුරාධා හේරත්

පාන් භාගයක හා පරිප්පු පීරිසියක මිල ගණන් අද (04දා) සිට රුපියල් 85 දක්වා ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පාන් භාගයක් පරිප්පු සමඟ මෙතෙක් අලෙවි කරන ලද්දේ රුපියල් 80කට වන අතර මේ වනවිට එය රුපියල් 5කින් ඉහළ ගොස් තිබේ.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් 'මව්බිම'ට පැවැසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට අයත් තිරිඟු පිටි සඳහා පාරිභෝගික අධිකාරිය මෙතෙක් පාලන මිලක් නියම නොකළ හෙයින් එහි වාසිය ලබන්නේ ප්‍රීමා සමාගම බවය.

තිරිඟු පිටි මිල ඉහළ ගිය මේ මොහොතේ කෘෂිකර්ම අමාත්‍යාංශයට කළ හැකි එකම දේ සහල් පිටි කර වෙළෙඳපොළට මුදා හැරීම බවත් තිරිඟු පිටිවලින් සකසන ආහාර වර්ග සහල් පිටිවලින් සැකසීමට ආපනශාලා හිමියන් කටයුතු කරනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon