ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නම් මේ විරෝධතාවලට ඔවුන් ප්‍රතිචාර දැක්විය යුත්තේද ප්‍රජාතන්ත්‍රවාදීවයි

  👤  2401 readers have read this article !
Published by : MB WEB 2018-09-04 10:48:13

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


හෙට (05දා) කොළඹ නගරයේදී පවත්වන දැවැන්ත විරෝධතාවට මේ වනවිට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඉතා හොඳින් සූදානමින් සිටින බවත් එම විරෝධතාවේදී යහපාලන ආණ්ඩුවට දැනෙන ආකාරයේ විරෝධයක් පෑමට ජනතාව සූදානමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

මෙම විරෝධතා ව්‍යාපාරයේදී දැවැන්ත කාර්ය භාරයක් ඉටුකරන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයන් කවුද යන්න පිළිබඳව ආණ්ඩුව දන්නා හෙයින් ඔවුන් සිරභාරයට ගැනීමට කටයුතු කරන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට මුහුණදීමට සිදුවී ඇත්තේද එවැනි සිදුවීමකට බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය. 'මව්බිම'ට අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසුවේය. 'මේ විරෝධතාව නිසා ආණ්ඩුව කලබල වෙලා.

එහි නායකයන් එක එක කතා කියනවා. සමහරු කියනවා මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය, අපි ඕනෑම ආකාරයේ ආණ්ඩු විරෝධී වැඩසටහන්වලට බාධා කරන්නේ නැහැයි කියලා. එසේ කරනවා නම් එය හොඳ දෙයක්. නමුත් ආරංචි විදියට නම් මේ විරෝධය නිසා ආණ්ඩුව රත්වෙලයි තිබෙන්නේ.' 'කොහොම වුණත් ආණ්ඩුවේ තර්ජන ගර්ජනවලට බය වෙන්නේ නැහැ. අපි ඉන්නේ ජනතාවත් සමඟයි. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නම් මේ විරෝධතාවලට ඔවුන් ප්‍රතිචාර දැක්විය යුත්තේද ප්‍රජාතන්ත්‍රවාදීවයි. ඔවුන් එසේ කරනවාද කියලා අපි සිටින්නේ විමසිලිමත්වයි.'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon