හෙට හා අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කර ඇති බවට පළ වන වාර්තා බොරු - නියෝජ්‍ය කථානායක

  👤  1757 readers have read this article !
Published by : MB WEB 2018-09-04 17:09:25

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංක

සතියේ යොදාගත් පරිදි පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන අතර එහි කිසිදු වෙනසක් සිදුකර නැතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි 'මව්බිම'ට පැවැසීය.

බදාදා (05දා) සහ බ්‍රහස්පතින්දා (06දා) දිනවල පාර්ලිමේන්තු රැස්වීම අවලංගු කර ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යයක් නොමැති බවද නියෝජ්‍ය කථානායකවරයා කීවේය.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු සතිය අද (04දා) සිට සිකුරාදා (07දා) දිනය දක්වා පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පසුගිය සතියේ රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවේදී කථානායක කරු ජයසූරිය විසින් පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බදාදා (05දා) සහ බ්‍රහස්පතින්දා (06දා) පාර්ලිමේන්තු රැස්වීම් අත්හිටුවන ලෙස ඉල්ලීමක් කළ බවය.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක දැඩිව විරෝධය දක්වා ඇති අතර අනතුරුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon