ලිබියාවේ සිර කඳවුරකින් රැඳවියන් හාරසියයක් පලා ගිහින්

  👤  2046 readers have read this article !
Published by : MB WEB 2018-09-04 14:00:06

ලිබියාවේ සිර කඳවුරකින් රැඳවිලිබියාවේ ටි්‍රපෝලි අගනුවර බන්ධනාගාරයකින් රැඳවියන් හාරසියයකට අධික පිරිසක් පලාගොස් ඇත.

එහි ආරක්‍ෂක අංශය සහ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම පිරිස බන්ධනාගාරයේ ‍ෙදාරවල් කඩා පැනගොස් තිබේ.

එම ගැටුමෙන් පුද්ගලයන් තිස්නව දෙනකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර තවත් රැඳවියන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

මෙලෙස පලාගිය පිරිසෙන් වැඩි පිරිසක් දේශපාලන ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටි ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගේ ආධාරකරුවන් බව බන්ධනාගාර වාර්තා පෙන්වා දී ඇත.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර පැනගිය සිරකරුවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි එරට ආරක්‍ෂක අංශ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.යන් හාරසියයක් පලා ගිහින්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon