මැදපෙරදිගට සීමා වී තිබූ විදේශ රැකියා අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙනවා

  👤  1904 readers have read this article !
Published by : MB WEB 2018-09-04 14:08:39

මැදපෙරදිගට පමණක් සීමා වී තිබූ විදේශ රැකියා ක්ෂේත්‍ර අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙන බවත් මේ වනවිට මෙම වැඩපිළිවෙල සාර්ථක වී තිබෙන බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී මතු කළ වචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

''දැනට මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යැවීම සීම කර තිබෙනවා. 2018 වසරේ සමස්ත විදේශ ගතවීම්වලින් සියයට 28%ක් දක්වා කාන්තාවන් ගෘහ සේවයට විදේශගත වීම අඩු වී තිබෙනවා. හොර රහසේ විදෙස් ගතවීමක
දී ඔවුන් පිළිබඳවත් ඔවුන්ගේ දරුවන් ගැන සොයා බලන්න හැකියාවක් නෑ.ඒ නිසයි කියන්නේ නීතියේ සංශෝධනයක් කර යම් ක්‍රමවේදයක් සැකසිය යුතුයි කියලා.''

මේ වනවිට කොරියාව, ඊශ්‍රාලය, ජපානය ආදී රටවල නව රැකියා අවස්ථා උදාවී තිබෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අනාවරණය වු තොරතුරු අනුව පවුල් පසුබිම් වාර්තා අනුව විදේශගතවීම නැවැත්වූ කාන්තාවන් වෙනත් ක්‍රම මඟින් විදෙස් ගත වී තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon