කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නෑ- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර

  👤  1843 readers have read this article !
Published by : MB WEB 2018-09-04 15:46:16

කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විසින් හෙට කොළඹ සිදු කරන උද්ඝෝෂණය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය විසින් උසාවි නියෝග ගෙන ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළේ ය.මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා,මෙසේ පැවසී ය.''අපි ඉඩ දෙනවා වැදගත් විදියට හැසිරෙන්න. කියලා ගස්සා ගන්න අවශ්‍ය වෙලා. අපි ගහන්නේ නෑ. පොලීසිය විසින් කිසිම තහනම් නියෝගයක් අරන් නෑ''යැයි කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon