සැන්දෑව-පරෙයිදෙණිය මාර්ගය අබලන් වීමෙන් දුෂ්කරතා රැසක්

  👤  1873 readers have read this article !
Published by : MB WEB 2018-09-05 06:16:48

දෙණියාය - ප්‍රියංක ගමගේ

මොලොක්ගමුව උතුර ග්‍රාම සේවා වසමට අයත් සැන්දෑව -පරෙයිදෙණිය මාර්ගය දශක හතරකින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්වී ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

කිලෝමීටර් තුනකට ආසන්න දුරක් ඇති සැන්දෑව - පරෙයිදෙණිය මාර්ගය අවස්ථා කිහිපයකදී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පොරොන්දු පමණක් ලබාදී ඇතැයි ගම්වාසීහු පවසති.

උෟරුබොක්ක, මොරවක, කිරිලිපන, මොලොක්ගමුව පාසල් සඳහා සිප් සතර හැදෑරීමට යන සිසු සිසුවියන් මාර්ගයේ ඇති දුෂ්කරතාව හමුවේ අසරණ වී සිටිති. පා ගමනින් දුෂ්කර මාර්ගය ඔස්සේ පාසල් යන ඔවුහු නිසි වේලාවට පාසලට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් පාසල් පරිපාලනයෙන් ‍ෙදාස් ඇසීමට සිදුවන බව පවසති. වැසි දිනවලදී මාර්ගය මඩ ගොහොරුවක් වන බව පවසන සිසු සිසුවියෝ මාර්ගයේ ජලය බැස යෑමට කානු පද්ධතියක් නොමැතිකමින් වැසි ජලය එකතුවී විශාල ලෙස ජලය එක්රැස් වී දින කිහිපයක් යනතුරු යථා තත්ත්වයට පත් නොවන බවද පවසති.

ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික බෝගය වන වී, අමු තේ දලු නිෂ්පාදනය කරන පිරිස් නෙළන ලද තේ අස්වැන්න කඩිනමින් කර්මාන්ත ශාලා වෙත රැගෙන යෑමට දුෂ්කර වී ඇත්තේ මාර්ගයේ ඇති අපහසුතා හේතුවෙන් යැයි ගම්වාසීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් අමු තේ දලුවල ගුණාත්මක තත්ත්වය හීනවීම හේතුවෙන් නෙළන ලද අමු තේ දලු ඉවතලෑමට සිදුවන බව තේ දලු ඉඩම් හිමියෝ පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon