විරෝධතාකරුවන් අද රෑ කොළඹ නවතිනවා

  👤  1566 readers have read this article !
Published by : MB WEB 2018-09-05 12:49:50

'ජනබලය කොළඹට' විරෝධතා ව්‍යාපාරය අද (05දා) දින කොළඹදී පැවැත්වීමෙන් අනතුරුව එයට සහභාගි වීමට පැමිණෙන මහජනතාව අද රාත්‍රි කොළඹ නගරය තුළ රැඳී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රි පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව 'පිවිතුරු හෙළ උරුමයේ' නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාරය එක් තැනකට රැස්කරන ස්ථානය සහ විරෝධතා ව්‍යාපාරය කොළඹදී අවසන් කරන ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) දහවල් 1.00ට පැවැත්වීමට නියමිත බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව පෑලියගොඩ ඔස්සේත්; කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල ජනතාව නුවර පාර සහ කඩුවෙල ඔස්සේත්; රත්නපුර, මොනරාගල ඇතුළු ප්‍රදේශවල ජනතාව හයිලෙවල් මාර්ගය ඔස්සේත්; කළුතර ප්‍රදේශවල ජනතාව ගාලු පාර ඔස්සේත්; දකුණු පළාතේ ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේත්; උතුරු පළාතේ ජනතාව පෑලියගොඩ මාර්ගය ඔස්සේත්; නැඟෙනහිර පළාතේ ජනතාව නුවර හා හයිලෙවල් මාර්ග ඔස්සේත්; කොළඹ නගරයට පැමිණීමට සැලසුම් කර තිබෙන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon