අවසන් මහා තරග 10-11 මහරගමදී

  👤  1288 readers have read this article !
Published by : MB WEB 2018-09-05 15:05:18

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් නොකඩවා 7 වැනි වරටත් සංවිධානය කරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ අවසාන මහා තරග මෙම මස 10 සහ 11 යන දෙදින මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සුපර් ලීග්, ශූරතා සහ 'ඒ' වශයෙන් කාණ්ඩ 3ක් යටතේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැති අතර ඉන් ජයගත් කණ්ඩායම් අවසාන මහා තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව සුපර් ලීග් පිරිමි කාණ්ඩයේ අවසාන මහා තරගයේදී මාස් ක්‍රීඩා ලිෂර් ලයින් කණ්ඩායමත් ටෙක්ෂර්ඩ් ජර්සි ලංකා කණ්ඩායමත් තරග වැදීමට නියමිත අතර එහි කාන්තා අංශයේ අවසන් තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් මාවතගම මාස් කැෂුවලයින් සහ මීරිගම බ්‍රැන්ඩික්ස් නිට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. තවද ශූරතා කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගයට රත්මලාන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කණ්ඩායම වට 2-1ක් ලෙස පරාජයට පත් කළ ඕෂන් ලංකා කණ්ඩායම සහ මාස් ස්ලිම් ලයින් කණ්ඩායම වට 2-0කින් පරාජයට පත් කළ එක්ස්පෝ ලංකා හෝල්ඩිංස් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.

කෙසේ වෙතත් ශූරතා කාණ්ඩයේ කාන්තා අවසාන මහා තරගයට මාස් කැෂුවලයින් සහ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර මෙම තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගයට ඔමේගාලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟින් එස්කිමෝ ෆැෂන් නිට්වෙයා සමාගම සුදුසුකම් ලබා ගත් අතර 'ඒ' කාණ්ඩයේ කාන්තා අවසාන මහා තරගය සඳහා පානදුර මාස් යුනිචෙලා සහ මැලිබන් බිස්කට් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon